Empty Ad
AFC Banner
Empty Ad

මහ දවාලේ සිදු කළ කෝටි ගණනේ මුදල් මංකොල්ලයට සම්බන්ධ සැකකරු අල්ලයි

මිනුවන්ගොඩ දී සිදු වූ රුපියල් කෝටි 07කට අධික මූල්‍ය මංකොල්ලයට සම්බන්ධ එක් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම සිදුවීම ඊයේ (19) පස්වරුවේ සිදු ව ඇති අතර ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා ගම්පහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි අදාළ සැකකරු ගම්පහ කඩුවන්ගහ – ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මෙලෙස මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පලා ගොස් තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291ක මුදලක් ද සොයාගෙන ඇති බවත් වාර්තාවනවා.

තම්මිට, මාකවිට ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් සහිත මළු කිහිපයක් ද රැගෙනයි.

බැංකුව අසලට පැමිණි පසු රියදුරුවරයා පමණක් වෑන් රථයේ සිටියදී සෙසු පිරිස ඉන් බැස ගොස් තිබෙනවා.

ඒ වනවිට වෑන් රථයේ රුපියල් හත් කෝටි දහතුන් ලක්ෂ විසිහත් දහස් දෙසිය අනූහයක මුදලක් තිබී ඇති අතර රියදුරුවරයා අදාළ මුදල ද රැගෙන එම රථයෙන්ම පලා ගොස් තිබෙනවා.

අනතුරුව සැකකරු වෑන් රථය ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ අතහැර දමා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පලාගොස් ඇති අතර සිදු කළ පූර්ණ විමර්ශනවලින් අනතුරුවයි සැකකරුව අත් අඩංගුවට ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
21
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?