මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 05කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් පහක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව මාලදිවයිනේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් ලෙස පී.ආර්.එස්. ගුණවර්ධනගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න සඳහන් කළේ.

ඊට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගමගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිව ඇති අතර, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එස්.සී.ජේ. දේවේන්ද්‍රගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දුගේ පත්වීමට ද, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස ජේ.එම්. සූසෙයිදාසන්ගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිව ඇති බව සඳහන්.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?