මහ කන්නයේ පොහොර ගන්න වවුචර් නැහැ

ලබන මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් ලබානොදීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඒ වෙනුවට ලබන මහ කන්නයේදී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම මුදල් යෙදවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසුවා.

රට තුළ ආර්ථිකමය වශයෙන් ගැටළු සහගත තත්ත්වයන් පැවැතියත් රජය විසින් ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම සඳහා ලබාදෙන සහන තවදුරටත් ලබාදෙන බවත්, මේ නිසාම මෙම වසර අවසානය වන විට මෙරට සහල් අතිරික්තයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ගොවීන්ට සහන සැලසීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා සියල්ලටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමැතිය ලබා දුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

මෙම යල කන්නයේදී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් ලබාදීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ සමස්ත වී ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 12 ක්. ඉන් ගොවීන් 534,433 කට ජුලි මස 04 දින වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙනවා.

යල කන්නයේ දී වී වගා කළ ගොවීන් ප්‍රමාණය 717,000ක් වනවා. ඉන් 534,433කට මේ වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙනවා.

මෙම සමස්ත වවුචර් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 11ක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?