මහ කන්නයේ පොහොර ගන්න වවුචර් නැහැ

ලබන මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් ලබානොදීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඒ වෙනුවට ලබන මහ කන්නයේදී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම මුදල් යෙදවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසුවා.

රට තුළ ආර්ථිකමය වශයෙන් ගැටළු සහගත තත්ත්වයන් පැවැතියත් රජය විසින් ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම සඳහා ලබාදෙන සහන තවදුරටත් ලබාදෙන බවත්, මේ නිසාම මෙම වසර අවසානය වන විට මෙරට සහල් අතිරික්තයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ගොවීන්ට සහන සැලසීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා සියල්ලටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමැතිය ලබා දුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

මෙම යල කන්නයේදී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් ලබාදීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ සමස්ත වී ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 12 ක්. ඉන් ගොවීන් 534,433 කට ජුලි මස 04 දින වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙනවා.

යල කන්නයේ දී වී වගා කළ ගොවීන් ප්‍රමාණය 717,000ක් වනවා. ඉන් 534,433කට මේ වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙනවා.

මෙම සමස්ත වවුචර් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 11ක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36