මහ කන්නයේ දී බෝග 13ක් වගා කිරීමට සියලු කෘෂි අංශ එක් වෙයි

එළැඹෙන මහ කන්නයේ දී ආහාර බෝග 13ක් වගා කිරීම සඳහා මේ වනවිට සියලු සැලසුම් සකස් කර ඇති බව බෝග වගා නායකයන් පවසනවා.

ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම ලේකම්වරු මෙන්ම පළාත් සියලුම කෘෂි බලධාරින් සියලු දෙනා ඊයේ තම එකඟත්වය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී ඇතුළු ආහාර බෝග 13ක් සඳහා බෝග නායකයින් පත් කර තිබෙනවා.

වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතු ලූණු, ලොකු ලූණු, මුං ඇට, කව්පි, සෝයා ‌ බෝංචි, කුරක්කන්, තල, උඳු සහ රටකජු එම බෝග වර්ග 13යි.

මෙම සියලු ආහාර බෝග නායකයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් ඊයේ (23) දිනය පුරා පැවැත්වුණේ ගන්නොරුව කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දීයි.

එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුළු කෘෂිකර්ම අංශයේ නිලධාරින්, පර්යේෂකයින්, විද්‍යාඥයින් මෙන්ම සියලුපළාත් කෘෂිකර්ම ලේකම්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

මේ වනවිට රට වී සහ සහලින් ස්වයිංපෝෂිත තත්ත්වයට පත්ව තිබෙනවා. ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතින බැවින් නැවත සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි සඳහන් කෙරුණේ. දත්ත හා තොරතුරු අනුව වාර්ෂික අවශ්‍යතාවය ඉක්මවන ලද සහල් තොගයක් රට තුළ පවතින බව සඳහන්.

මීට අමතරව මුං ඇට, උඳු, තල හා රටකජු මෙන්ම කුරක්කන් ද අවශ්‍ය තරම් තොග රට තුළ පවතින අතර ඒවා ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැති බව ප්‍රකාශ කෙරුණා.

නමුත් ලොකු ලූනු වගාව මේ වනවිට ඉතාමත් බරපතල ලෙස පහළ වැටී තිබෙනවා. 2015 වසර වනවිට මෙට්‍රික් ටොන් 84,737ක් වූ ලොකු ලූනු අස්වැන්න මේ වනවිට මෙට්‍රික් ටොන් 7321ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් ලොකු ලූණු වගාව නැවත නඟා සිටුවීම සඳහා කඩිනම් සුදුසු වගා වැඩ පිළිවෙළක් වහා අරඹන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බෝග නායකයින්ට උපදෙස් දුන්නේ. 2026 වන විට සමස්ත ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 40ක්වත් මෙරට වගා කිරීමට ඉලක්ක කරන ලෙසට අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් ගොවි ජනතාව අතරට යාමේ ගැටළුවක් පවතින බැවින් හැකි තරම් එම තොරතුරු ගොවි ජනතාවට ලබා දීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?