මහ කන්නයට යූරියා පොහොර බෙදාහැරීම අද සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර බෙදාහැරීම අද (09) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරනවා.

රජයට අයත් පොහොර සමාගම් වෙත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වන විටත් අදාළ උපදෙස් ලබා දී ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

අද සිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර, කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට ගොවිජනතාව වෙත ලබාදීමට නියමිතයි.

දිවයින් පුරා පිහිටි සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් එම පොහොර මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?