රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව සංවිධානාත්මක අපරාධකරු ජනිත් මධුශංඛ හෙවත් පොඩි ලැසී නැමැත්තා මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොඩි ලැසී නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී යි එම දැනුම් දීම සිදුකෙරුණේ.
පොඩි ලැසී ගේ රැඳවුම් නියෝගය අනිද්දායින් අවසන් වීමට නියමිතයි.
ඉන්පසු ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි එම දැනුම් දීම සිදුකෙරුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













