මහේස්ත්‍රාත් නිල රිය කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ නිල මෝටර් රථය කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඊට අමතරව සැකකරු එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැලණිය වනවාසල පාර පදිංචි 27 හැවිරිදි සැකකරුවෙක්.

කුලියාපිටිය මහේස්ත්‍රාත් වරයාට අයත්, පිළියන්දල මඩපාත ප්‍රදේශයේ දෙමහල් සුඛෝපභෝගී නිවස කුලී පදනම මත ලබා දීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව එය ලබා ගන්නා මුවාවෙන් පැමිණ තිබූ සැකකරු මහේස්ත්‍රාත්වරයාව බැල්කනිය තුළ සිර කර නිල මෝටර් රථය කොල්ල කා පළා ගොස් තිබුණේ පසුගිය 11 වැනිදායි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොල්ල කන ලද මෝටර් රථය හුණුපිටිය ප්‍රදේශයේ තිබියදී සොයා ගැනුණා.

අනතුරුව එම සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී කොල්ලකෑම්වලට යොදා ගත් වායු පිස්තෝල දෙකක්, උල් පිහි දෙකක්, රම්බෝ පිහියක්, වායු පිස්තෝලවලට යොදන යකඩ බෝල, විෂ දියරයක් සහිත බෝතලයක් මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී පෑලියගොඩ ප්‍රදේශයේ දී විෂ දියරයක් මුහුණට ඉස පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 27ක ඩොලර් නෝට්ටු මංකොල්ලකෑම, බම්බලපිටියේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන වායු පිස්තෝලයක් මංකොල්ල කෑම, පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 40ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයෙක් ඉදිරිපත් නොවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48


?