මහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථයකට බාධා කර තර්ජනය කළ දෙදෙනාට ඇප

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගමන්ගත් මෝටර් රථයට අයුතු අවහිරයක් සිදු කර සාපරාධී බලහත්කාරය පා බැණ වැදී සාපරාධී බිය ගැන්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනකු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැර තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතායි අද (12) පස්වරුවේ මෙම නියෝගය ලබාදුන්නේ.

එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මෙලෙස නිදහස් කෙරුණේ බැලුම්මහර සහ දංකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සෑම මසකම අවසාන ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටින ලෙසට ද ඇප නියම වූ සැකකරුවන් තුන් දෙනාට නියෝග කෙරුණා.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.ඩී. බංදුල ගුණරත්න මහතා මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කල පරීක්ෂණවලට අනුවයි සැකකරුවන් තිදෙනා සමග අයුතු අවහිරය සිදු කිරීම සඳහා යොදාගත් මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහේස්ත්‍රාත්වරයා ගමන් ගත් මෝටර් රථය කටුනායක ගුවන්තොටුපොලේ සිට මිනුවන්ගොඩ දෙසට ගමන් කරමින් තිබිය දී එම රථයට විවිධ ආකාරයෙන් බාධා කරමින් සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය ධාවනය කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

සැකකරුවන් ගමන් ගත් වාහනයේ ලියාපදිංචි අංකය ඔස්සේ පරීක්ෂණ සිදු කර සැකකරුවන් තිදෙනා සමග එම මෝටර් රථය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53