මහේස්ත්‍රාත්ගේ මෝටර් රථය කොල්ල කෑ සැකකරුවා පොලිස් දැලේ

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේනගේ නිල මෝටර් රථය කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා.

වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරුවා කොල්ල කෑ මෝටර් රථය සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම, උඩුවන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසේ තිබී කොල්ලකෑම් වලට යොදාගත් ව්‍යාජ පිස්තෝල දෙකක්, උල් පිහි හතරක්, විෂ දියරයක් සහිත බෝතලයක් සහ මිරිස්කුඩු අඩංගු බෑගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෝටර් රථය ලබාදීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 50ක් කප්පම් මුදලක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට සැකකරු ලබාගත් ඇමතුම ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා රෝහල්ගත කළ බවත්, යම් ගනුදෙනුවක් අවශ්‍ය නම් තමන් සමඟ කතා කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයකු ලෙස සැකකරු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සූක්ෂම අයුරින් සැකකරු එකඟ කරවාගෙන වත්තල ප්‍රදේශයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?