මහීෂ් තීක්ෂණ ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා සංචිතයට

ආබාධයකට ලක්ව සිටි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව තීක්ෂණ ලබන 4 වැනිදා ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු තරගයෙන් පසු ඔහු දිල්ලිහිදී ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇති බව සඳහන්.

පසුගියදා පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයි ඔහු ආබාධයකට ලක්වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
3
+1
1
+1
4
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?