මහින්ද මහත්තයෝ රට භාරගන්න

‘‘මහින්ද මහත්තයෝ රාජපක්ෂ පරම්පරාව තවදුරටත් රැකගැනීමට අවශ්‍ය නම් දැන්වත් නිහඬ පිළිවෙතෙන් මිදී දිනෙන් දින පරිහානියට යන මේ රට භාරගන්න, රටට දැන් අවශ්‍ය කයිවාරුකාරයන් නොව ඔබ වැනි වැඩකාරයන්’’ යැයි රට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු නාරාහේන්පිට, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

හැට නව ලක්ෂයක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති විශ්වාසය නිසා පමණක් බවද උන්වහන්සේ කියා සිටියහ.

නාරාහේන්පිට, අභයාරාමයේ ඊයේ (20 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙලෙස පැවසූහ. මෙහිදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ නැවත වරක් රට භාරගැනීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ද කිසිඳු විරෝධයක් නොදක්වනු ඇති බව තමන් විශ්වාස කරන බවයි. එලෙස විරෝධයක් දක්වන්නේ නම් ඔහු රටට ආදරය නොකරන්නෙක් වනු ඇති බව ආනන්ද හිමි කියයි.

මෙරටට විශාල සේවයක් ඉටු කළ ඩී.එස්. සේනානායක පරම්පරාවද බණ්ඩාරනායක පරම්පරාවද දැන් අවසන්ව ඇති බවත් තවදුරටත් රට මෙවැනි අගාධයකට ඇදදමන්නේ නම් රාජපක්ෂ පරම්පරාවේ අවසානයද මෙය වනු ඇති බවත් පෙන්වා දෙන ඒ හිමියෝ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි එදා තැබූ විශ්වාසය සියයට සියයක් නොව සියයට දෙසීයකින් දැන් බිඳ වැටී ඇති බව ද කීහ.

මුරුත්තෙට්ටුවේ හිමි මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයෙන් උතුම් රට ලංකාව යැයි තවදුරටත් පැවසීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ රට භාරගත යුතුම වන අතරම ඔහු ජනතාවගේ හදවතේ නායකයා බව සියල්ලන්ම හොඳින්ම දන්නා බවය. දිගින් දිගටම ඔහු රැකගෙන යන නිහඬතාවය නිසා ඔහු ද දැන් ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනවා. ඊළඟ ඡන්දය පැමිණීමට පෙර රට භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමස්ත ජනතාව නියෝජනය කරමින් මෙම ඉල්ලීම කරනවා.

ගුරු විදුහල්පති ප්‍රශ්නය ඉතා හොඳින් විසඳෙමින් තිබෙන නිසා රටේ දරුවන් ගැන කල්පනා කර 21 වැනිදා සේවයට පැමිණෙන ලෙස සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. තවදුරටත් අවස්ථාවාදී වී තම තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ දරන අයට ඉඩනොදී හෙට දින සේවයට එන්න යැයිද උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29