මහින්ද මහත්තයෝ රට භාරගන්න

‘‘මහින්ද මහත්තයෝ රාජපක්ෂ පරම්පරාව තවදුරටත් රැකගැනීමට අවශ්‍ය නම් දැන්වත් නිහඬ පිළිවෙතෙන් මිදී දිනෙන් දින පරිහානියට යන මේ රට භාරගන්න, රටට දැන් අවශ්‍ය කයිවාරුකාරයන් නොව ඔබ වැනි වැඩකාරයන්’’ යැයි රට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු නාරාහේන්පිට, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

හැට නව ලක්ෂයක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති විශ්වාසය නිසා පමණක් බවද උන්වහන්සේ කියා සිටියහ.

නාරාහේන්පිට, අභයාරාමයේ ඊයේ (20 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙලෙස පැවසූහ. මෙහිදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ නැවත වරක් රට භාරගැනීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ද කිසිඳු විරෝධයක් නොදක්වනු ඇති බව තමන් විශ්වාස කරන බවයි. එලෙස විරෝධයක් දක්වන්නේ නම් ඔහු රටට ආදරය නොකරන්නෙක් වනු ඇති බව ආනන්ද හිමි කියයි.

මෙරටට විශාල සේවයක් ඉටු කළ ඩී.එස්. සේනානායක පරම්පරාවද බණ්ඩාරනායක පරම්පරාවද දැන් අවසන්ව ඇති බවත් තවදුරටත් රට මෙවැනි අගාධයකට ඇදදමන්නේ නම් රාජපක්ෂ පරම්පරාවේ අවසානයද මෙය වනු ඇති බවත් පෙන්වා දෙන ඒ හිමියෝ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි එදා තැබූ විශ්වාසය සියයට සියයක් නොව සියයට දෙසීයකින් දැන් බිඳ වැටී ඇති බව ද කීහ.

මුරුත්තෙට්ටුවේ හිමි මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයෙන් උතුම් රට ලංකාව යැයි තවදුරටත් පැවසීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ රට භාරගත යුතුම වන අතරම ඔහු ජනතාවගේ හදවතේ නායකයා බව සියල්ලන්ම හොඳින්ම දන්නා බවය. දිගින් දිගටම ඔහු රැකගෙන යන නිහඬතාවය නිසා ඔහු ද දැන් ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනවා. ඊළඟ ඡන්දය පැමිණීමට පෙර රට භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමස්ත ජනතාව නියෝජනය කරමින් මෙම ඉල්ලීම කරනවා.

ගුරු විදුහල්පති ප්‍රශ්නය ඉතා හොඳින් විසඳෙමින් තිබෙන නිසා රටේ දරුවන් ගැන කල්පනා කර 21 වැනිදා සේවයට පැමිණෙන ලෙස සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. තවදුරටත් අවස්ථාවාදී වී තම තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ දරන අයට ඉඩනොදී හෙට දින සේවයට එන්න යැයිද උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කියා සිටියහ.

  1. ඔවි හාමුදුරුවනෙ රටෙ ඉන්න දුප්පත් මිනිස්සු ගැන හිතන්න ඕනෙ නැ උන් ඉන්නවනම් ඉදි බැරි උන් මැරිල යයි රාජපක්ෂ පරම්පරාව රැකගන්න ඕන කොහොම හරි නරකද හාමුදුරුවනෙ සාසනෙ රැකගෙන බනක් බාවනාවක් කරගත්තනම් මහණ උනෙ ඕකට නෙවිනෙ ඔහොම යද්දි නිවන් යන්න වෙන්නෙ ලයිට් තමයි මෙ රට විනාස වෙන්න තව හෙතුවක් තමයි මෙ ආගමික නායකයො උන් ආගම රැකගන්නව වෙනුවට සල්ලි වලට කෑදරකමෙ දේශපාලනය කරන්න එනව හිරිකිතයි මෙ රට දැන්නම්

  2. සිවුරක් දමාගෙන කියන කතාද මේ? ලැජ්ජයි හාමුදුරුවනෙ . මහින්ද මහත්තයා කියන්නෙ අමුම අමු හොරෙක් . පටන් ගත්තෙ සුනාමියෙන් සල්ලි මිලියන ගානක් හොරකම් කරලා. ඊට පස්සෙ යුද්දෙ කාලෙ කොමිස් ගහලා; යුද්දෙ දිනුව කියල ඔටුන්නක් තම්න්ම දාගෙන රජ උනා . එතන ඉන්දලම කරෙ හොරකම ; තම පවුලෙ උන්ට ගසා කන්න දුන්න. හිතවත් උන්ට කෝටි ගනන් ගසා කන්න ඉඩ දුන්නා; මේ වා උන්ගෙ අම්මගෙ අප්පගෙ සල්ලි නෙමෙ . දුප්පත් වෙඩ කරන ජනතාවගෙ සල්ලි . බදු මුදල් ඉහල දමමින් / චීවරයක් දමන් කියන සක්කිලි කතා මේ බික්ෂුවගෙ තියෙන්නෙ