මහින්ද ආය කොළඹ පදිංචියට එන්නේ නැහැ (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් කොළඹ පදිංචියට පැමිණෙන බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

අද (15) පෙරවරුවේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් ලේකම්වරයා සඳහන් කළේ, මේ වනවිට තංගල්ල කාල්ටන් නිවසේ සිටින හිටපු ජනධිපතිවරයා යළිත් කොළඹට පැමිණීමට මේ වන තෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල ඇතැම් මධ්‍ය වාර්තා කර තිබුණේ කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනධිපතිවරයාගේ නිල නිවස අතහැර තංගල්ලේ නිවසට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් කොළඹ පදිංචියට පැමිණෙන බවයි.

ඒ, වෙනුවෙන් ඔහුට සුදුසු නිවසක් සොයමින් සිටින බවට ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?