මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4 ක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇති වාර්තා වනවා.
මේ බව අනාවරණය වී ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී.
2017, 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා.
මේ සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරින් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
අමෙරිකානු ඩොලර් මිලියන 9.96ක් වටිනා ව්‍යාපෘති 3 ක් සහ යූරෝ මිලියන 1.86ක් වටිනා ව්‍යාපෘතියක් සඳහා මෙලෙස මුදල් වියදම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1