AFC Banner
Empty Ad
Empty Ad

මහා පරිමාණ ගව ඝාතකාගාරයක් වටලයි – විවිධ ප්‍රදේශවලින් සොරකම් කර ගවයින් ගෙනල්ලා!

පානදුර – හේනමුල්ලේ නීතිවිරෝධී මහා පරිමාණ ගව ඝාතකාගාරයක් පානදුර උතුර පොලිසිය මගින් වටලා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දැනට දින කිහිපයකට පමණ පෙර පොලිස් අණ නොතකා ධාවනය වූ ගවයින් රැගත් ලොරි රථයකට පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පොලිසිය මගින් වෙඩි තැබීමක් සිදුකළ අතර, ඉන්පසුව බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ; දුර පළාත්වලින් ගවයින් රැගෙන එන ස්ථානය පිළිබඳව ලද තොරතුරක් මත එම ගව ඝාතකාගාරය සොයා ගැනීමට බුද්ධි අංශ ඊයේ (02) කටයුතු කරනු ලැබූ බවයි.

කිසිදු බලපත්‍රයක් නොමැතිව හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ගව ඝාතකාගාරය පවත්වා ගෙන ගොස් ඇති බවටයි හෙළි ව ඇත්තේ.

එම ස්ථානයේ සිටි ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති අතර,පොලිසිය එම සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කළා.

මෙම ගව ඝාතකාගාරයේ තිබී ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන ලද ගවයින් කිහිපදෙනෙකුගේ මස් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනුණා.

එම ඝාතනය සඳහා යොදා ගන්නා තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගැනුණු අතර, ගවයින් ප්‍රවාහනය කරන ලද බවට සැක සහිත වලංගු ලියාපදිංචි සහතික ඉක්ම වූ ත්‍රීරෝද රථයක් ද පොලිසිය විසින් එම ස්ථානයේ තිබී සොයාගනු ලැබුවා.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ බුත්තල, කතරගම, අවිස්සාවේල්ල ,මතුගම ආදී ප්‍රදේශ රැසකම අයාලේ යන ගවයින් සහ ගොවිපළවල්වල සිටින ගවයින් සොරකමින් පසු මෙම ස්ථානයට රාත්‍රී කාලයේ දී රැගෙනවිත් ඝාතනයන් සිදු කරන බවයි.

මෙම ගව ඝාතකාගාරයෙන් ගවයින් සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් එම නිසා ගව සොරකමේ යෙදෙන පුද්ගලයින් මෙම ස්ථානයට විශාල වශයෙන් ගවයින් රැගෙන ඒමට කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතේට ප්‍රශ්න ආවාම - ඉවසීමෙන් උත්තර හොයන්න #goodmorning #haveaniceday
06:28
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24
Video thumbnail
කෝටි දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය සමග කොටුවුණ පුද්ගලයා
00:39
Video thumbnail
එක්සත් ජාතික පක්ෂය හෙට ගන්න යන තීරණාත්මක තීරණය #unp #ranilwickremesinghe
03:11
Video thumbnail
හොරෙන් හොරෙන් රනිල් - මුණගැහෙන්න යන ගැන්සිය - මාධ්‍ය මග හැර යයි #ranilwickremesinghe
00:54
Video thumbnail
ඔබේ ඡන්දය අපතේ යවාගන්න එපා - පාඨලී කළ කාරුණික ඉල්ලීම #npp #akd
08:06
Video thumbnail
නොසැලකිළිමත් රිය ධාවනයෙන් - සිදුවුණ බිහිසුණු රිය අනතුර
01:31
Video thumbnail
🛑Breaking News - ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය Leak කරලා තියෙන්නේ මාලිමාවට සම්බන්ධ ගුරුවරයෙක් ?
04:13
Video thumbnail
විභාගය ලියන්න ආසාවෙන් ඉන්න හපන්නු - "ආය තිබ්බොත්නම් හෙඳයි"
02:27

?