මහා නායක හිමිවරුන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක්

අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ඓතිහාසික මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙසයි.

මිහින්තලා පුදබිම යනු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත උතුම් බෞද්ධ දර්ශනය සංස්පර්ශය තිළිණ කළ ථේරවාද මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය බවයි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමෙන් බැදී සිටන ශ්‍රී ලංකා ජන රජය මෙම ඓතිහාසික උරුමය සුරක්ෂිත කරලීමෙහි ලා අප්‍රමාදීව කටයුතු කළ යුතු බව, තරයේ විශ්වාස කරන බවද අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

18 12 2023 Dou Minithale Gana Malavathu Asgiri Mahanayake Himi Letter Herath Kandy
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?