නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) පෙරවරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා.
එහිදී සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබූ අතර, මෙම අවස්ථාව සඳහා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටියා.
ඒ අනුව නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත කිරීම මෙහිදී සිදු වුණා.
ඉන්දියන් Credit Line යටතේ ක්‍රියාත්මක වූ මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 91.27ක්.
එමෙන්ම ඩොලර් මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව – අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වුණා.