මහල් නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් කඩා වැටී සිව්දෙනෙකුට තුවාල

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිදුවීම අද (11) පස්වරුවේ සිදු ව ඇති අතර මහල් නිවාස සංකීර්ණයේ ‘ඩී බ්ලොක්’ කොටසේ දියි අනතුර සිදු ව ඇත්තේ.

මුවදොර මහල් නිවාස සංකීර්ණයේ සිදු වූ මෙම අනතුරින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබුවා.

තුවාලකරුවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් තුවාල ලැබූ පොලිස් නිලධාරියාගේ කකුළට බරපතළ හානි සිදු ව ඇති බවත් පැවසෙනවා.

“මුවදොර උයන” නිවාස සංකීර්ණයේ 5 වන මහලේ පිරිසක් විසින් අවට පදිංචිකරුවන්ට කරදකාරී වන අයුරින් ඊයේ (10) දින උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරත වී සිටි පොලිස් සැරයන්වරයකුට මේ ගැන දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර ඒ අනුවයි පොලිස් නිලධාරීන් එම නිවාස සංකීර්ණය සෝදිසි කිරීමට පැමිණ ඇත්තේ.

උපන්දින සාදය පවත්වන නිවෙසට ගොස් එය සමථයකට පත් කර නැවත පිටව යාමේදී 04 වන තට්ටුවේ දී සෝපානය කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?