මහල් නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් කඩා වැටී සිව්දෙනෙකුට තුවාල

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිදුවීම අද (11) පස්වරුවේ සිදු ව ඇති අතර මහල් නිවාස සංකීර්ණයේ ‘ඩී බ්ලොක්’ කොටසේ දියි අනතුර සිදු ව ඇත්තේ.

මුවදොර මහල් නිවාස සංකීර්ණයේ සිදු වූ මෙම අනතුරින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබුවා.

තුවාලකරුවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් තුවාල ලැබූ පොලිස් නිලධාරියාගේ කකුළට බරපතළ හානි සිදු ව ඇති බවත් පැවසෙනවා.

“මුවදොර උයන” නිවාස සංකීර්ණයේ 5 වන මහලේ පිරිසක් විසින් අවට පදිංචිකරුවන්ට කරදකාරී වන අයුරින් ඊයේ (10) දින උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරත වී සිටි පොලිස් සැරයන්වරයකුට මේ ගැන දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර ඒ අනුවයි පොලිස් නිලධාරීන් එම නිවාස සංකීර්ණය සෝදිසි කිරීමට පැමිණ ඇත්තේ.

උපන්දින සාදය පවත්වන නිවෙසට ගොස් එය සමථයකට පත් කර නැවත පිටව යාමේදී 04 වන තට්ටුවේ දී සෝපානය කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08