මහර රැදවියන් 63කට සිර දඬුවම ලිහිල් වේ

මහර බන්ධනාගාරයේ ගැටුමට අදාළව සුළු චෝදනා වලට වරද පිළිගත් රැදවියන් 63 දෙනෙකුට මාස දෙකක ලිහිල් සිර දඬුවම් ලබාදීමට ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර නියෝග කළා.

ඒ, රැදවියන් 68 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඊයේ කැදවූ  අවස්ථාවේදියි.

එහිදී දිසා විනිසුරුවරයා මහර බන්ධනාගාරය වෙත ගොස් මෙම තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, රැදවියන් 5 දෙනෙකු ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මීට අමතරව චෝදනාව පිළිගත් තවත් රැදවියන් 50 දෙනෙකුට ඉකුත් 26 වන දා මාස දෙකක ලිහිල් සිර දඩුවමක් නියම කිරීමටයි අධිකරණය කටයුතු කළේ.