මහරගම සංවර්ධනයට අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස්

වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, එම ආයතනවල නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවකදීයි.

ඒ, අනුව හෝකන්දර නගරය දියුණු කිරීම සඳහා එම කටයුතු පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන සංවර්ධනය වේගවත් කරන ලෙස උපදෙස් දී තිබෙනවා.

මහරගම – පමුණුව ආශ්‍රිත කලාපය රෙදිපිළි තොග සහ සිල්ලර වෙළඳාමේ නිරත වෙළඳ ප්‍රජාවට බාධාවකින් තොරව එම කටයුතු පවත්වාගෙන යාමට එම මාර්ගවල ගමන් කරන බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමේ හැකියාව සොයාබලන ලෙස ද අගමැතිවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබුවා.

මහරගම නගර සභාවේ කොට්ටාව උපකාර්යාලයක් ඇති කිරීම තුළින් ජනතාවට පහසුකම් සලසන ලෙස පැවසූ අග්‍රාමාත්‍යවරයා, සංවර්ධනය කර ඇති නාවින්න ක්‍රීඩාංගණය පූර්ණ වශයෙන් මහරගම නගර සභාව වෙත පැවරීම පිළිබඳ සොයාබලන ලෙස දැනුම් දුන්නා.

මහරගම ඩිපෝව දැනට භාවිත කරන අක්කර හයකට ආසන්න භූමි ප්‍රමාණය වඩා ඵලදායි, ප්‍රශස්ත ලෙස භාවිත කිරීමට නිර්මාණශීලීව සැලසුම් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26