රිය අනතුරු හේතුවෙන් ඊයේ (26) දිනයේදී පමණක් පුද්ගලයින් දහතුන්දෙනකු මියගොස් ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා.
මේ අතරින් කිලිනොච්චිය, පලෙයි, ඉත්තදවිල් ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රී 9.15ට පමණ ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් පියා සහ පුතුන් දෙදෙනා මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පලෙයි ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 14 හැවිරිදි සහ 11 හැවිරිදි පුතුන් දෙදෙනායි.
අනතුරෙන් පසු අදාල ටිපර් රථයේ රියැදුරු ප්‍රදේශයන් පලා ගොස් ඇති අතර පලෙයි පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණය සිදුකරනවා. විශේෂයෙන්ම උත්සව සමයේ මෙවැනි මාරක රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව තවත් ඉහළ යා හැකි බැවින් මඟතොට ගමන් කිරීමේදී සහ රථවාහන ධාවනය දී ඉතාම පරීක්ෂාවෙන් කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටින්නේ.

Please implement the hefty fine such as lkr.2000000/-per death,including the hard labour jail term.