මහබැංකු අධිපතිගෙන් අනාවරණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය ඇතුළු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතික කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් පසුවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව පුරා චීනය ඉන්දියාව සහ ජපානය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවයි.

පසුගිය සැප්තැම්බර මාසයේ දී, IMF විසින් ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹුණා.

මෙම වර්ධනය සිදුවූයේ ශ්‍රී ලංකාවේ රුපියල පාවිමකට ද ලක්වෙමින් පවතින අතර, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පොලී අනුපාත තියුනු ලෙස වැඩි කිරීමෙන් මාස කිහිපයකට ද පසුවයි.

ණය හිමි රටවල් සමග විනිවිද පදනමක් මත සියලු තොරතුරු හුවමාරු කරගෙන ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙම වසර තුල ලබාගැනීමට ඉලක්ක කර තිබුණ ද එය අසාර්ථක වූ අතර එම ණය ලබාගැනීම වෙනුවෙන් ද්වීපාර්ශවික ණය හිමියන්ගේ සහතිකය අත්‍යවශ්‍ය බව නන්දලාල් වීරසිංහ මහතා පෙන්වාදී තිබෙනවා.

2022 වසරේ ගතවූ කාලසීමාව තුල සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවා ඇති අතර එම කාලය තුල විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් ඇති බව ද මහබැංකු අධිපතිවරයා හින්දු පුවත්පත සමග පැවති සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා.

මේ අතර පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබාදීම සඳහා අයි. එම්. එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යාහැකි බවයි.

කෙසේවෙතත් 2023 වසරේ මුල් කාර්තුවේදී එම මුදල් ලබා ගැනීම රජයේ උපරිම උත්සාහය වන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?