මහබැංකු අධිපතිගෙන් අනාවරණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය ඇතුළු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතික කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් පසුවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව පුරා චීනය ඉන්දියාව සහ ජපානය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවයි.

පසුගිය සැප්තැම්බර මාසයේ දී, IMF විසින් ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹුණා.

මෙම වර්ධනය සිදුවූයේ ශ්‍රී ලංකාවේ රුපියල පාවිමකට ද ලක්වෙමින් පවතින අතර, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පොලී අනුපාත තියුනු ලෙස වැඩි කිරීමෙන් මාස කිහිපයකට ද පසුවයි.

ණය හිමි රටවල් සමග විනිවිද පදනමක් මත සියලු තොරතුරු හුවමාරු කරගෙන ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙම වසර තුල ලබාගැනීමට ඉලක්ක කර තිබුණ ද එය අසාර්ථක වූ අතර එම ණය ලබාගැනීම වෙනුවෙන් ද්වීපාර්ශවික ණය හිමියන්ගේ සහතිකය අත්‍යවශ්‍ය බව නන්දලාල් වීරසිංහ මහතා පෙන්වාදී තිබෙනවා.

2022 වසරේ ගතවූ කාලසීමාව තුල සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවා ඇති අතර එම කාලය තුල විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් ඇති බව ද මහබැංකු අධිපතිවරයා හින්දු පුවත්පත සමග පැවති සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා.

මේ අතර පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබාදීම සඳහා අයි. එම්. එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යාහැකි බවයි.

කෙසේවෙතත් 2023 වසරේ මුල් කාර්තුවේදී එම මුදල් ලබා ගැනීම රජයේ උපරිම උත්සාහය වන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46