මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමට නිශ්චිත දිනයක් – නේවාසිකාගාර පහසුකම් ගැනත් දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල ලබාදීමට නිශ්චිත දිනයක් සැකසීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පෙර රජයන්හි දී ප්‍රමාද වූ මාස ගණනක මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ද ගෙවීමට වත්මන් රජය කටයුතු කළ බවයි.

එමෙන්ම තවමත් ප්‍රමාදයක් පවතින්නේ නවක විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමට බවත්, එම මුදල් ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

මේ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය කරන නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග ද සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ පිළිබඳ ව ද ඉදිරියේ දී තවදුරටත් විගණනයක් සිදු කර ඇති බැවින් දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට මැදිහත් වන බව ද හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58