Empty Ad
AFC Banner
Empty Ad

මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර

මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් වුණා.

මෙහිදී 2025 වසර සඳහා, පළමු වසර විද්‍යාර්ථීන්ට සිදු වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කර ගැනීමට ගත හැකි කෙටිකාලින පියවර සහ අනෙකුත් වසරවල විද්‍යාර්ථීන්ට මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව ලබාදීමට ගත හැකි පියවර කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

එමෙන් ම දිගු කාලින වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යධාරලාභීන් වෙනුවෙන් ඇති පරිගණකගත දත්ත පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා.

මෙම සාකච්ඡාව සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න ඇතුළු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මහපොළ භාරකාරත්ව අරමුදලේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?