මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමෙගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. එස් බණ්ඩාරනායක විසින් අද කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ පැවසුවේ තමා මෙවර දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට තරග කරන බවත්, තරග කිරීම ප්‍රකාශයට පත් කළ දා සිට තමන්ට විවිධ මඩ ගැසීම් සිදුවන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

විවිධ පුද්ගලයන් මෙසේ මඩ ගැසීම්වල නිරත වන්නේ තමා බස්නායක නිලමේ බවට තේරී පත්වීම වැළක්වීමට බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
26
+1
2
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?