එස්.ජී සේනාරත්න මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අය පසුගියදා ඉල්ලා අස්වුණා.
එලෙස ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සාමාජිකයින් දෙදෙනාගෙන් එක සාමාජිකයෙකු ලෙසයි එස්.ජී සේනාරත්න මෙලෙස පත්කර ඇත්තේ.
අනෙක් සාමාජිකයාගේ පුරප්පාඩුව පිරවීමට ආණ්ඩුකම ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වීමට නියමිත බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













