AFC Banner
Empty Ad
Empty Ad

මවුලවිවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වෙපන් එක්ක මාට්ටුයි

මවුලවිවරයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු T56 ගිනි අවි දෙකක්, පතොරම් 60ක්, මැගසීන් 02ක්, දුර දක්නයක් සමග පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මොවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව – වාලච්චේන – මාන්චෝල් ප්‍රදේශයේ දී බවයි.

ඊයේ (30) රාත්‍රියේ දී මෙම සැකකරුවන් පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිස් විශේෂ කාර්‍යය බලකාය සඳහන් කළා.

අත් අඩංගුවට ගත් මවුලවිවරයා 43 හැවිරිදි අයෙක් බවත්; ඔහු ඕටමාවඩි – මාංචෝලේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිට මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත ව සිටි අයෙක් බවටත් සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ගිනි අවිය සහ පතොරම් මීට පෙර ගෙවත්තේ වළක් හාරා එහි පොහොර උරයක දමා සඟවා තබා සිට ඊයේ රාත්‍රියේ දී එය ප්‍රවාහනය කරමින් සිටියදියි අත් අඩංගුවට ගැනුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අද (31) කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?