මව්පියන්ගේ වියෝව දැනගත් විදෙස් ජාතිකයා මහල් ගොඩනැගිල්ලකින් බිමට පනී

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකින් පැන විදේශිකයෙකු සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

37 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙක් මෙලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

එහිදී ඔහුගේ පාදයක් බිඳී ගොස් ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ තුවාල ලබා සිටි විදෙස් ජාතිකයා සංජේ ගාන්ධි අනුස්මරණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

නයිජීරියාවේදී සිටි තම දෙමාපියන්ගේ මරණය පිළිබඳව දැනගත් පසු ඔහු මෙලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම විදෙස් ජාතිකයා ඉන්දීය පොලිසිය වෙත පවසා ඇත්තේ එම ඛේදනීය පුවත දැනගැනීමෙන් පසු තමන් දැඩි කම්පනයට සහ මානසික අවපීඩනයට පත්ව සිටි බවයි.

දිල්ලි නුවර පිහිටි නිවසක දෙවන මහලෙන් බිමට පැනීමට පෙර මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි යකඩ කම්බියක එල්ලී සිටින අයුරු ඒ අසල සිටි අයෙක් විසින් වීඩියෝ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?