මව්පියන්ගේ වියෝව දැනගත් විදෙස් ජාතිකයා මහල් ගොඩනැගිල්ලකින් බිමට පනී

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකින් පැන විදේශිකයෙකු සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

37 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙක් මෙලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

එහිදී ඔහුගේ පාදයක් බිඳී ගොස් ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ තුවාල ලබා සිටි විදෙස් ජාතිකයා සංජේ ගාන්ධි අනුස්මරණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

නයිජීරියාවේදී සිටි තම දෙමාපියන්ගේ මරණය පිළිබඳව දැනගත් පසු ඔහු මෙලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම විදෙස් ජාතිකයා ඉන්දීය පොලිසිය වෙත පවසා ඇත්තේ එම ඛේදනීය පුවත දැනගැනීමෙන් පසු තමන් දැඩි කම්පනයට සහ මානසික අවපීඩනයට පත්ව සිටි බවයි.

දිල්ලි නුවර පිහිටි නිවසක දෙවන මහලෙන් බිමට පැනීමට පෙර මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි යකඩ කම්බියක එල්ලී සිටින අයුරු ඒ අසල සිටි අයෙක් විසින් වීඩියෝ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40