මවගේ අනියම් සැමියා සමඟ එක් වූ තරුණියන් දෙදෙනා ගායකයාගේ මිලියන ගණනකට විදලා

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් මෙරට ජාතික පුවත්පතක් අද (08) දින වාර්තා කර තිබෙනවා.

මෙම වංචාවට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තිදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයකට ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මවගේ අනියම් සැමියා බවයි එම පුවත්පත වාර්තා කර තිබුණේ.

සැකකාරියන් දෙදෙනා 22 සහ 19 යන වයස්වල පසුවන අතර, සැකකරු විසින් විසින් මොවුන් දෙදෙනාව අපරාධවලට යොදවාගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් විසින් පෞද්ගලික දුරකථන සමාගමකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම්පත් මඟින් අන්තර්ජාල ඔස්සේ අදාළ ගායකයාගේ බැංකු ගිණුමට ඇතුළු වී මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි වාර්තාකර තිබුණේ.

මෙම සැකකරුවන් විසින් එවැනිම ආකාරයෙන් රුපියල් කෝටි 03කට අධික මුදලක් රෝගීන් 11 දෙනෙකුගෙන් ද වංචාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (07) අනාවරණය වී තිබෙනවා.

අදාළ ගායකයාගේ බැංකු ගිණුමෙන් සොරාගන්නා ලද මුදල් විවිධ බැංකු ගිණුම්වලට සහ ෆිනෑන්ස් සමාගම්වලට යොමුකර ඇති අතර, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් කර ඇපල් වර්ගයේ ජංගම දුරකථන පවා මිලදීගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.

රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙහි ප්‍රධාන සැකකරු ස්ත්‍රී දූෂණ ඇතුළු කොල්ලකෑම් රැසකට අදාළව පවතින නඩු 25කට අධික ප්‍රමාණයක චූදිතයෙක් බවයි අදාළ ජාතික පුවත්පත වැඩිදුරටත් කරුණු වාර්තාකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
18
+1
7
+1
3
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?