මවගේ අනියම් සැමියා සමඟ එක් වූ තරුණියන් දෙදෙනා ගායකයාගේ මිලියන ගණනකට විදලා

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් මෙරට ජාතික පුවත්පතක් අද (08) දින වාර්තා කර තිබෙනවා.

මෙම වංචාවට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තිදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයකට ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මවගේ අනියම් සැමියා බවයි එම පුවත්පත වාර්තා කර තිබුණේ.

සැකකාරියන් දෙදෙනා 22 සහ 19 යන වයස්වල පසුවන අතර, සැකකරු විසින් විසින් මොවුන් දෙදෙනාව අපරාධවලට යොදවාගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් විසින් පෞද්ගලික දුරකථන සමාගමකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම්පත් මඟින් අන්තර්ජාල ඔස්සේ අදාළ ගායකයාගේ බැංකු ගිණුමට ඇතුළු වී මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි වාර්තාකර තිබුණේ.

මෙම සැකකරුවන් විසින් එවැනිම ආකාරයෙන් රුපියල් කෝටි 03කට අධික මුදලක් රෝගීන් 11 දෙනෙකුගෙන් ද වංචාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (07) අනාවරණය වී තිබෙනවා.

අදාළ ගායකයාගේ බැංකු ගිණුමෙන් සොරාගන්නා ලද මුදල් විවිධ බැංකු ගිණුම්වලට සහ ෆිනෑන්ස් සමාගම්වලට යොමුකර ඇති අතර, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් කර ඇපල් වර්ගයේ ජංගම දුරකථන පවා මිලදීගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.

රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙහි ප්‍රධාන සැකකරු ස්ත්‍රී දූෂණ ඇතුළු කොල්ලකෑම් රැසකට අදාළව පවතින නඩු 25කට අධික ප්‍රමාණයක චූදිතයෙක් බවයි අදාළ ජාතික පුවත්පත වැඩිදුරටත් කරුණු වාර්තාකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
18
+1
7
+1
3
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59