මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවි නැගුම නිලධාරියාට වසර 20ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

වකුගඩු රෝගයකින් පෙලෙන සත් හැවිරිදි දරුවෙකුට සැත්කමක් කිරීමට රජයෙන් ලබාදෙන ආධාර මුදල ලබා ගැනීමට අනුමැතිය ලබාදීමට එම දරුවාගේ මව වන 30 හැවිරිදි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිරඳඬුවම් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම ක තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, සිරදඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ එම දඬුවම වසර දහයකින් එකවර ගෙවී යන ලෙස එකී දඬුවම නියම කරන බවයි.

රුවන් ප්‍රදිප් මධුසංඛ නමැති එම විත්තිකරුට ගොනුකර ඇති චෝදනා හතරටම ඔහු වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.

එමෙන්ම වරදකරුට රුපියල් විසිදහසක දඩයක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම විත්තිකරුගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන බවත් එමගින් ඔහුට මැතිවරණයක දී ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන බැවින් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම්දෙන ලෙස ද මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

රටේ ජනතාවගේ මුදලින් වැටුප් ලබන විත්තිකරු ඔහු වෙත පැවරී ඇති රාජකාරි වගකිම් ඉටු කිරීම සඳහා දරිද්‍රතාවයෙන් පෙලෙන අසරණ මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම මෙන්ම කාන්තාවක් වීම නිසා එලෙස ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයකට ගොදුරු වීමට සිදුවීම සිය අධිකරණයට කිසිසේත් ම සුළු කොට තැකිය නොහැකි බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

එම තත්ත්වයට මුහුණ දුන් කාන්තාව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට කැඳවා ගෙන ගොස් සිටියදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2016 මාර්තු මස 31 වැනි දින අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණා.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ අමා සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙය වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?