මල් වෙනුවට ගංජා වැවූ 22 හැවිරිදි හාදයා පොලිස් කූඩුවට

පොළොන්නරුවේ නිවසක ගංජා පැළ වැවූ පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය – මීගස්වැව පොලිස් බල ප්‍රදේශයේ යාය 08 පුල්ලෙයාර් හන්දිය අසල පිහිටි ඔහුගේ නිවසේදීයි.

සැකකරු නිවසෙහි මල් පෝච්චිවල ගංජා පැළ වගා කර තිබූ බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු රසාංග නිරෝෂන් සඳහන් කළේ මෙම ගංජා පැළ උසින් අඩි එකහමාරක් පමණ වන බවයි.

වගා කර තිබූ ගංජා පැළ 50ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරු 22 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?