මල් වෙනුවට ගංජා වැවූ 22 හැවිරිදි හාදයා පොලිස් කූඩුවට

පොළොන්නරුවේ නිවසක ගංජා පැළ වැවූ පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය – මීගස්වැව පොලිස් බල ප්‍රදේශයේ යාය 08 පුල්ලෙයාර් හන්දිය අසල පිහිටි ඔහුගේ නිවසේදීයි.

සැකකරු නිවසෙහි මල් පෝච්චිවල ගංජා පැළ වගා කර තිබූ බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු රසාංග නිරෝෂන් සඳහන් කළේ මෙම ගංජා පැළ උසින් අඩි එකහමාරක් පමණ වන බවයි.

වගා කර තිබූ ගංජා පැළ 50ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරු 22 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33