තමන් වහන්සේව බැහැදැකීම කිසිදු දේශපාලනඥයෙකුට අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබේ.
ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවාගැනීම පිණිස තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් ලියවිල්ලක් ඉදිරිපත් කළ අතර එම ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණය ගෙන තිබෙනවා
පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ව කැඳවා සාකච්ඡා කිරීමට ත්රෛනිකායික මහනායක හිමිවරු තීරණය කර ඇති බවද වාර්තා විය.




