මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් නව පොලිස්පතිවරයාට ඉල්ලීමක් (වීඩියෝ)

රට තුළ පවතින අපරාධවල සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බවත්, ඒ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස
මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා තිබෙනවා.

පොලිස්පති ධුරයට පත්වීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට අද (17) මහනුවරට ගිය අවස්ථාවේ මේ බව පවසා තිබෙනවා.

අපරාධ මර්ධනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි නව පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන් ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවයි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ තම තනතුරේ රාජකාරි ඉටු කිරීමට යහපත් හා නිදහස් දේශපාලන පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.

මේ අවස්ථාවේ මෙම දේශපාලන පරිසරය තුළ ශ්‍රී ලංකා පොලිසියට රාජකාරී ඉටු කිරීමට නොහැකි නම් එය පොලිසියේ දුර්වලතාවක් බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ තිස්දහසක නිලධාරී හිඟයක් පවතින බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?