මරාදැමූ පුභාකරන්ගේ භාෂා පරිවර්තක මියයයි

මානුෂීය මෙහෙයුමෙන් පරාජයට පත්වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ වේළුපිල්ලේ කුමාර් පංචරත්නම් හෙවත් ජෝර්ජ් මාස්ටර් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය මාස කිහිපයේ රෝගී තත්ත්වයෙන් පසු වූ ඔහු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි හෘදයාබාධයකින් මියගොස් ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 85කි.

වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ හඳුන්වන ලද්දේ ජෝර්ජ් මාස්ටර් යන නමිනි.

දෙමළ භාෂාවට අමතරව සිංහල සහ ඉංග්‍රීසි භාෂා චතුර ලෙස දැන සිටි අයෙක් බව කියැවේ.

ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර රට තුළ සහ විදේශයන්හි පැවැත්වුන සාම සාකච්ඡාවන්හි දී භාෂා පරිවර්තකයකු මට්ටමින් ඒවාට සහභාගී විය.

යුද්ධය නිමාවේ යුදකලාපයෙන් පිටව අනාථ කඳවුරකට පැමිණීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ජෝර්ජ් මාස්ටර් නීතිපති උපදෙස් මත හත්වසරකට පසු 2016 ජුලි 04 දා ඇප මත මුදා හරිනු ලැබුණි.

ජාත්‍යන්තර අර්බුද පිළිබඳ සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇලන් කීනන් මේ පිළිබඳ තබා ඇති සටහනක දැක්වෙන්නේ ජෝර්ජ් මාස්ටර් සමඟ බොහෝ රහස් ද වැළලී යනු ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අත්සන් ලක්ෂයක්..ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21
Video thumbnail
විශේෂ නිවාඩු දින දවසේ ගාල්ලේ නවතම තත්ත්වය මෙන්න - සමහර ආයතන පාළුවට ගිහිල්ලා
01:33
Video thumbnail
බණ්ඩාරගම වෙල්යායක හදිසියේම ඇතිවූ ගින්න - ළඟටවත් යන්න බෑ - අක්කර ගාණක් අළුවෙලා
01:05
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව 🔴 LIVE
21:31
Video thumbnail
ගෝඨාභය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..හමුදා බුද්ධි අංශ අන්තවාදි කල්ලි එක්ක සබඳතා තිබිලා..
03:30