AFC Banner
Empty Ad
Empty Ad

මරදගහමුල ධාන්‍යාගාර සංකීර්ණය ඇතුළෙන් රජයේ වාහන කිහිපයක් හමුවේ

මරදගහමුල දිවිනැගුම ධාන්‍යාගාර සංකීර්ණ ගොඩනැගිල්ල තුළ තිබී රජයට අයත් වාහන කිහිපයක් සොයාගෙන තිබෙනවා.

දිවුලපිටිය පොලිසියට ලද තොරතුරක් මත සඟවා තිබූ මෙම වාහන ඊයේ (14) සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී ගොඩනැඟිල්ල තුළ සඟවා තිබූ ඩිෆෙන්ඩර් රථයක්, ජීප් රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වී අලෙවි මණ්ඩලයේ නියෝජිතවරියගෙන් කළ විමසීමක දී ඇය සඳහන් කළේ 2021 වසරේ දී අදාළ වාහන මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි.

මෙලෙස සොයාගත් රථ වාහන වල ලියකියවිලි පරික්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම වාහන වී අලෙවි මණ්ඩලයට අයත් වාහන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?