“මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි, මම අරගලකරුවන්ට බාධා කරන්නෙත් නෑ.. මම ඔවුන්ට පූර්ණ සහය දෙනවා”

8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ ජනතාවට අවශ්‍ය වෙනස ලබාදෙන බව පවසනවා.

මේ බව ඔහු සඳහන් කළේ ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ පැමිණ ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීයි.

මෙහිදී නව ජනාධිපතිවරයා පැවසුවේ තමන් රාජපක්ෂ පවුලේ මිතුරෙකු නොව ජනතාවගේ මිතුරෙකු බවයි.

තම බලාපොරොත්තුව පාර්ලිමේන්තුව තුළ සිටින සෙසු පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කිරීම බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

සාමකාමීව විරෝධතාවල නිරත වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බවද සදහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අරගල මුවාවෙන් නිවාස ගිනි තැබීම මෙන් ම ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථාන අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවයි.

එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවා.

තවද අරගලයේ සිටින තරුණයන්ට අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය නම් ඊට සම්පූර්ණ සහය දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07