spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි, මම අරගලකරුවන්ට බාධා කරන්නෙත් නෑ.. මම ඔවුන්ට පූර්ණ සහය දෙනවා”

8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ ජනතාවට අවශ්‍ය වෙනස ලබාදෙන බව පවසනවා.

මේ බව ඔහු සඳහන් කළේ ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ පැමිණ ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීයි.

මෙහිදී නව ජනාධිපතිවරයා පැවසුවේ තමන් රාජපක්ෂ පවුලේ මිතුරෙකු නොව ජනතාවගේ මිතුරෙකු බවයි.

තම බලාපොරොත්තුව පාර්ලිමේන්තුව තුළ සිටින සෙසු පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කිරීම බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

සාමකාමීව විරෝධතාවල නිරත වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බවද සදහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අරගල මුවාවෙන් නිවාස ගිනි තැබීම මෙන් ම ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථාන අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවයි.

එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවා.

තවද අරගලයේ සිටින තරුණයන්ට අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය නම් ඊට සම්පූර්ණ සහය දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?