AFC Banner
Empty Ad

මම මේක වීඩියෝ කරන්න කිව්වේ, මගේ සැමියාට යවන්න

මවක් සිය දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්දධයෙන් යාපනය පොලිසිය විසින් යාපනය මනියතෝට්ටම් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනකු හා කාන්තාව දරුවාට පහර දෙන අවස්ථාවේදී එය වීඩියෝ කළ පුද්ගලයායි. ඔවුන් දෙදෙනා දරුවාට පහර දෙන ආකාරය වීඩියෝ කොට ඇත්තේ විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.  දැනට පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනා එම වීඩියෝ දර්ශන විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

පෙර පුවත – අමානුෂික ලෙස මාස නවයේ බිලින්දාට පහරදුන් මවගෙන් පාපොච්චාරණයක් (වීඩියෝ)

තම මාස 09ක දැරියකට පහරදුන් මව අත්අඩංගුවට (විඩියෝ සහිතයි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?