කුලී ගමනක් යන මුවාවෙන් ගිහින් රියදුරු මරා ත්‍රිරෝද රථය කොල්ලකාලා

කුලී ගමනක් යන මුවාවෙන් කැදවා ගෙන ගොස් රියදුරු ඝාතනය කර ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, තිල්අඩිය, අල්කාසිම් ගම්මානයේ පදිංචිව සිටි අබ්දුල් ලතිෆ් නැමැති වයස අවුරුදු 72ක ත්‍රිරෝද රථ රියදුරෙක්.

ඊයේ (21) රාත්‍රියේ ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසට පැමිණ ඇති පුද්ගලයෙක් කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා ඔහුව කැඳවා ගෙන ගොස් තිබෙනවා.

අද (22) අලුයම පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක තිබී මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීමට කටයූතු කර තිබුණා.

එලෙස සොයාගෙන ඇති මළ සිරුර ඊට පෙර දින රාත්‍රියේ කුලී ගමනක් යෑමට අවශ්‍ය බව පවසමින් නිවසින් කැඳවාගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරාගේ බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෘත ශරීරය ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර, ඔහුගේ ත්‍රිරෝද රථය හමුවී නැහැ.

පොලිසිය සැකපළ කරන්නේ ත්‍රිරෝද රථය කොල්ලකා ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11