අම්මා කියන නම මේ ලොව තිබෙන උතුම්ම වචනය, ඒ වගේ ම මව,මව් පදවිය කියන වචනයද එයට දෙවැනි නොවේ. මවක් මේ සත්ව ලෝකයේ ඉන්න උතුම් චාරිතයක්. තම දරුවන් වෙනුවෙන් ජිවිතය කැප කරන මෙලෙව සිටිනා එකම චරිතය මව. නමුත් මේ උතුම් චරිතයට නිග්‍රාහ කරන ක්‍රියාවන්ද මේ සමාජය තුලින් අසන්නට දකින්නට ලැබෙයි. මවක් විසින් සිය මාස 09ක කුඩා දැරියකට පහරදෙන සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සැරිසරන්නේ අපගේ දෑස්වලට කදුලක් එක් කරමින්.
වයස අවුරුදු 24ක කාන්තාවක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු හෙලිවන්නේ මෙම සිදුවිම සිදුවන්නේ යාපනය, අරියාලෙ, නාවල්අඩි ප්‍රදේශයේයි. මෙම කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව මැදපෙරදිග සිට පැමිණි ඇති අතර මේ සම්න්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව යාපනය පොලිසිය පවසයි.


මේ පුවත හා සසැඳි නව පුවත – අමානුෂික ලෙස මාස නවයේ බිලින්දාට පහරදුන් මවගෙන් පාපොච්චාරණයක් (වීඩියෝ)

Ayata manasika abadayak thibeday soya baliya yuthuy
Mewani demawpiyanta barapathala weda ethuwa daduwam diya yuthumai.
පිස්සු ගැහැණියෙක් මානසික රෝහලට යවා පරික්ෂණයක් කෙරුවොත් හොඳයි