කුඩා බිළිඳෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වුණා. එම දර්ශනවලට අදාළව බිළිඳාගේ මව මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය – අරියාලේ – නාවල්අඩි ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් යාපනය පොලිසිය අදාළ නිවසට ගොස් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී මව අත්අඩංගුවට ගෙන බිළිඳා පොලිස් භාරයට ඇති අතර
මීට මාසයකට පමණ පෙර කුවේට් රාජ්‍යයේ සිට දරුවාද සමග මෙරටට පැමිණ ඇති අතර කාලයක් තිස්සේ එරට රැකියාව නිරතව සිට ඇති බවයි වාර්තාවන්නේ.මෙම තැනැත්තියගේ සැමියා කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරත බවයි ඇය පවසන්නේ. තම සැමියා දරුවාට සහ ඇයට ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවයි මෙම කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර තිබෙන්නේ.
මේ සම්බන්ධ අපගේ පෙර පුවත – තම මාස 09ක දැරියකට පහරදුන් මව අත්අඩංගුවට (විඩියෝ සහිතයි)

Oya ammata daruwawa denna epa. Kochchara awawada dila daruwawa baara dunnath ayeth oi patiyata gahawi.. nisi daduwam laba denna. Kiri ketiyekuta gahanna tharam e amma amanushika une kohomada