AFC Banner
AFC Banner
Empty Ad

මනූෂ යොමු කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

දකුණු කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම ඊයේ (13) කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ සෙසු වග උත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බව සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ අධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 25 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියා.

ඉකුත් රජය සමයේ දකුණු කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ද්වේශසහගත සහ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?