හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා ව ඇප මත නිදහස් කර තිබෙනවා.
තිසර ඉරෝෂණ නානායක්කාර නමැති විත්තිකාර පාර්ශ්වය අද (17) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ.
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් තිසර නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් 28 වැනි දා බිබිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.
පොලිසිය පැවැසුවේ, සැකකරු ෆින්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1