AFC Banner
AFC Banner
Empty Ad

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පෙබරවාරි මස 15 වන දින සවස් කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ ඩයස්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණු අතර මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කළුතර ප්‍රදේශයේ දී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 32 යන වයස්වල පසුවන කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?