මන්නා රමේෂ් හදිසියේ ම උසාවියට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් ව අද (29) අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

මෙම සැකකරුව අත්අඩංගුවට ගැනුණේ ඩුබායි පොලිසිය විසින් වන අතර; පසුව දැඩි රැකවල් මැද ඔහු ව මෙරටට ගෙන ආවා.

රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්” අද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ඔහුට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහායි සැකකරුව මෙලෙස රැගෙනවිත් ඇත්තේ.

මේ වනවිට මන්නා රමේෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ රැඳවුම් කාලය අගෝස්තු 08 වනදා අවසන් වනු ඇති.

සැකකරුගේ රැඳවුම් කාලය අවසන් වන දිනයේ දී ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව ද අධිකරණ ආරංචි මාර්ග තහවුරු කරනවා.

ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායි හි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් මැයි 07 වනදා දිනදියි මෙරටට රැගෙන ආවේ.

අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහි ව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?