මන්නාරමේ නව සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ සිදු වුණා.

මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000ක්.

විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක් වන අතර ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතයි.

එමෙන්ම, ඔලෙයිතුඩාවායි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල සඳහා නවීන අධ්‍යාපන පහසුකම් සහිත අංග සම්පූර්ණ සුහුරු පංති කාමරයක් ලබා දීමට අදාළ ලිපි ලේඛන පිළිගැන්වීම, ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව නිවාස 200කට පානීය ජල පහහසුකම් ලබා දීම, ලංකා විදුලි බල මණ්ඩලය සමඟ එක්ව මන්නාරම පාලම හරහා තල්ලඩි නගරය තෙක් ඇවිදීමේ මංතීරුවක් සඳහා නව විදුලි පහන් සවි කිරීම, රුපියල් මිලියන 10කට ආසන්න වියදමින් ජලය පහසුවෙන් ගලා යාමට නව ජල මාර්ග නිර්මාණය කර, ගංවතුර වැළැක්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව ඇළ මාර්ග කැණීම් සිදු කිරීම ආදි ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ලිපි ලේඛන භාර දීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සිදු වුණා.

මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ අද ඉදිකිරීම් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන ව්‍යාපෘතියක් මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘතියක් බවයි.

ජනතාව විසින් පත් කළ රජයක් ලෙස ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදී ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සැබෑ ලෙසම රටේ සංවර්ධනයට සහ ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙනු ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මන්නාරම දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27