මන්නාරමේ නව සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ සිදු වුණා.

මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000ක්.

විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක් වන අතර ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතයි.

එමෙන්ම, ඔලෙයිතුඩාවායි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල සඳහා නවීන අධ්‍යාපන පහසුකම් සහිත අංග සම්පූර්ණ සුහුරු පංති කාමරයක් ලබා දීමට අදාළ ලිපි ලේඛන පිළිගැන්වීම, ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව නිවාස 200කට පානීය ජල පහහසුකම් ලබා දීම, ලංකා විදුලි බල මණ්ඩලය සමඟ එක්ව මන්නාරම පාලම හරහා තල්ලඩි නගරය තෙක් ඇවිදීමේ මංතීරුවක් සඳහා නව විදුලි පහන් සවි කිරීම, රුපියල් මිලියන 10කට ආසන්න වියදමින් ජලය පහසුවෙන් ගලා යාමට නව ජල මාර්ග නිර්මාණය කර, ගංවතුර වැළැක්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව ඇළ මාර්ග කැණීම් සිදු කිරීම ආදි ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ලිපි ලේඛන භාර දීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සිදු වුණා.

මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ අද ඉදිකිරීම් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන ව්‍යාපෘතියක් මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘතියක් බවයි.

ජනතාව විසින් පත් කළ රජයක් ලෙස ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදී ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සැබෑ ලෙසම රටේ සංවර්ධනයට සහ ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙනු ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මන්නාරම දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07


?